විදෙස්

සමරිසි විවාහ ගැන ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය

සමරිසි විවාහ නීත්‍යානුකූල කිරීමට තමන් ට හැකියාවක් නොමැති බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

 

එරට අගවිනිසුරුවරයා නියෝග කළේ එවැනි නීතියක් ඇති කිරීම පාර්ලිමේන්තුව සතු වගකීමක් බවයි.

 

අගවිනිසුරු ඩී වයි චන්ද්‍රාචුඩ් ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ඊට අදාළ නීති තර්ක පසුගිය අප්‍රේල් සහ මැයි මාසවලදී සැලකිල්ලට භාජනය කළ අතර එහි තීන්දුව අද (17) ප්‍රකාශ කළේය.

 

සමරිසි ලිංගික හැසිරීම් සම්බන්ධයෙන් යටත් විජිත යුගයේ සිට පැවත ආ තහනම 2018 වසරේදී ලබාදුන් ඉතිහාසගත නඩු තීන්දුවක් අනුව ඉවත දැමිණි.

 

මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කෙරුණේ ඊට වසර 5කට පසුව ය.

 

ආසියානු රටවල් අතුරින් සමරිසි සබඳතා සඳහා නීත්‍යානුකූල නිදහස ලබාදී ඇත්තේ තායිවානය සහ නේපාලය පමණි.

Related posts

ප්‍රහාර නවත්වන තෙක් ප්‍රාණ ඇපකරුවන් මුදා නොහරින බව හමාස් කියයි

Mohamed Dilsad

ජෝන් බෝල්ටන් ඇමෙරිකාවේ ආරක්ෂක උපදේශක තනතුරෙන් ඉවත් කෙරේ

Mohamed Dilsad

ඉන්දුනීසියාවේ සුනාමි අවදානම ඉවතට

Mohamed Dilsad

Leave a Comment