විදෙස්

ජෝන් බෝල්ටන් ඇමෙරිකාවේ ආරක්ෂක උපදේශක තනතුරෙන් ඉවත් කෙරේ

(UTV|ඇමෙරිකාව) – ඇමෙරිකාවේ ආරක්ෂක උපදේශකවරයා ලෙස කටයුතු කල ජෝන් බෝල්ටන් එම ධුරයෙන් ඉවත්කර තිබෙනවා.ඒ  ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසිනි.

අරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් පවසා ඇත්තේ තමන් ඉල්ලා අස්වූ බවයි.

ඔහු සහ ජනධිපති ට්‍රම්ප් අතර දිගින් දිගටම හටගන්නා මතභේද හේතුවෙන් ජනාධිපතිවරයා  මෙම පියවර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2018 වසරේ අප්‍රේල් මාසයේදී පත්කෙරුණු ජෝන් බෝල්ටන් ජනාධිපති ට්‍රම්ප් යටතේ සේවය කළ තෙවැනි ජාතික ආරක්ෂක උපදේශකවරයායි.

තමන් උපදේශක බෝල්ටන්ගෙන් ඉල්ලා අස්වන ලෙසින් ඉල්ලා සිටි බවත්, ඔහු එම ඉල්ලා අස්වීමේ ලිපිය තමන් වෙත ලැබීම සැලැස්වූ බවත් ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් පවසයි.

මේ අනුව එරට ආරක්‍ෂක දේශකවරයා ලබන සතියේදී නම්කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රුසියානු ගුවන් ප්‍රහාරයෙන් සිරියාවේ 10 ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

සරුංගලයක් සමඟ ගුවනට විසිවූ දැරියක්[VIDEO]

Mohamed Dilsad

අයිෆල් කුළුණ හෙට සිට වැසේ

Mohamed Dilsad

Leave a Comment