දේශීය

හන්තාන ඉඩමට ලැබුණු තීන්දුව

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට එරෙහිව ගොනුකර තිබූ නඩුවක් අවසන් කිරීමට මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබේ.

 

ඒ හන්තාන පාරිසරික කලාපයේ ඉඩමක් වගා ව්‍යපෘතියක් සඳහා එළිකළ බවට චෝදනා කරමින් ගොනුකර තිබූ නඩුවකි.

 

අදාළ නඩුවට කිසිදු නීතිමය පදනමක් නොමැති බවට නිතිපති දෙපාර්තමේන්තුව ලබාදුන් නිර්දේශ අනුව මෙම තීරණය ගෙන තිබේ.

 

2019 වසරේ හන්තාන පාරිසරික කලාපයේ භූමියක් යටිවගාවක් සඳහා අනවසරයෙන් කපා දමා ඇති බවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ පවුලේ සාමාජිකයින්ට එරෙහිව එම නඩුව පවරා තිබුණි.

 

නමුත් නඩුවේ සඳහන් චෝදනාවලට කිසිදු නීතිමය පදනමක් නොමැති බවට නීතිපති දෙපාර්තමේන්තුවෙන් අධිකරණයට දැන්වීමත් සමග නඩුව අවසන් කරන බව අධිකරණය දැනුම්දී තිබේ.

 

නීතිඥ චමින්ද්‍රාණි කිරිඇල්ල,

 

“මගේ අප්පච්චි අවුරුදු 40කට විතර කලින් පෞද්ගලික පාර්ශ්වයකින් ගත්තු ඉඩමක්. එතුමා ගන්නත් කලින් අවුරුදු 100ක් විතර මේක පෞද්ගලික පාර්ශ්වයන්ගේ අයිතිය තිබුණු ඉඩමක්. මට ඒක තෑගි ඔප්පුවක් වශයෙන් ලබාදුන්නා. අවුරුදු 4ක් තිස්සේ නිහඬව හිටියේ නඩුව අවසන් වන තෙක්. මොකද එකතොට අපිට පෙන්වන්න පුළුවන් අපි කිසි වැරැද්දක් කළේ නැහැ කියලා.”

Related posts

සහල් ආනයනය 2028 දී නතර කරනවා – ලාල් කාන්ත

Editor O

ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුවක් පත් කරයි

Mohamed Dilsad

ධීවර ක්ෂේත්‍රයට නව ජවයක් දෙමින් ‘Aqua Planet 2025’ ජාත්‍යන්තර ප්‍රදර්ශනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

Editor O

Leave a Comment