දේශීය

රජයේ වෛද්‍ය නිලධාරීන් හෙට සිට වැඩ වර්ජනයක් අරඹයි

දිවයින පුරා රජයේ රෝහල් ආවරණය කරමින් පළාත් මට්ටමින් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය.

 

එම සංගමය පවසන්නේ පැය 24ක් පුරා ක්‍රියාත්මක මෙම සංකේත වැඩ වර්ජනය හෙටින් ආරම්භ කරන බවය.

 

ඒ අනුව හෙට (02) දිනයේ ඌව පළාතේ සියලුම රජයේ රෝහල්වල වෛද්‍යවරුන් මෙම වැඩ වර්ජනයට එක්වන බවය.

 

අනතුරුව එළඹෙන 03 වනදා උතුරු පළාතේත්, 06 වනදා වයඹ පළාතේත්, 07 වනදා සබරගමුව පළාතේත් සියලුම රජයේ රෝහල්වල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වනු ඇත.

 

08 වනදා වැඩ වර්ජනය ක්‍රියාත්මක වන්නේ මධ්‍යම පළාතේ සහ නැගෙනහිර පළාතේය.

 

09 වනදා දකුණු පළාතේ සහ උතුරු මැද පළාතේ සියලුම රජයේ රෝහල්වල වෛද්‍යවරු මෙම වැඩවර්ජනයට එක්වීමට නියමිතය.

 

රජයේ වෛද්‍ය නිලධාරීන් පවසන්නේ 10 වනදා බස්නාහිර පළාතේ රජයේ රෝහල්වල වෛදවරු මෙම වැඩ වර්ජනයට එක්වීමට නියමිත බවය.

 

Related posts

මිනුවන්ගොඩ කොරෝනා පොකුර 12000 ඉක්මවයි

Mohamed Dilsad

අගමැති ඉතාලිය වෙත ළඟා වෙයි

Mohamed Dilsad

විකිරණශීලී ද්‍රව්‍ය සහිත නැවක් හම්බන්තොට වරායෙන් ඉවතට යැවේ

Mohamed Dilsad

Leave a Comment