දේශීය

බාල ඖෂධ කුප්පි ගෙන්වූ සමාගමේ හිමිකරු රිමාන්ඩ්

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි ආනයනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් මෙරට සමාගමේ හිමිකරු එළඹෙන 15 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

 

ඒ සැකකාර සමාගම් හිමිකරු අද කොළඹ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

 

අදාළ ඉන්දීය සමාගම සමඟ සිදුකළ පණිවුඩ හුවමාරුවකින් එම සමාගම කිසිදු ඖෂධයක් ශ්‍රී ලංකාවට හෝ වෙනත් රටකට අපනයන කර නොමැති බවට අනාවරණය කරගත් බවට ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් පසුගියදා ප්‍රකාශ කළේය.

 

ඒ සඳහා මෙරට සමාගමක් මෙලෙස ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ඇති බව එහිදී අනාවරණය වුණි.

 

ඒ අනුව ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් ඉන්දියාවේ සිට ඉමියුනොග්ලොබියුලින් නැමති එන්නත් කුප්පි ආනයන කිරීමේ චෝදනා මත අදාළ සමාගමේ හිමිකරු අත්අඩංගුවට ගත්තේය.

Related posts

අත්අඩංගුවට ගත් යාපනය සරසවි සිසුන් ඇප මත නිදහස්

Mohamed Dilsad

සමගි ජන බලවේගයේ ජාතිික ලැයිස්තුව ඇතුළු තවත් පක්ෂ 02ක ජාතික ලැයිස්තු අපේක්ෂක නාම ලේඛන මෙන්න.

Editor O

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු විධායක අධ්‍යක්ෂට ඇප

Editor O

Leave a Comment