දේශීය

පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් ගැන රජයෙන් හදිසි තීරණයක්

පවුල් සෞඛ්‍ය සේවිකාවන් 1,500ක පිරිසක් කඩිනමින් බඳවා ගැනීමට තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

 

සම්මුඛ පරීක්ෂණ සමත්ව වසර 03ක් රැකියා අපේක්ෂාවෙන් සිටින පවුල් සෞඛ්‍ය සේවිකාවන් පිරිසක් මෙලෙස බඳවා ගැනීමට අදාළ තීරණය ඉදිරි දින කිහිපය තුළ ලබාදෙන බව ඔහු සඳහන් කළේය.

 

රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය සමග පැවති සාකච්ඡාවකදී රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

 

“තවත් ආයතන රාශියක බඳවා ගැනීම් ඉල්ලනවා. හැබැයි පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ අවශ්‍යතාවය ඉතාමත් පැහැදිලිව දකිනවා අමාත්‍යාංශය හැටියට. ඒක අත්‍යවශ්‍යම සේවාවක්. මේ වගේ අවස්ථාවක රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ දී දැවැන්ත විමර්ශනයක් කරනවා කොහොමද රජයට මේක දරා ගන්න පුළුවන් කියලා. දැනට අපි මාසයකට රුපියල් බිලියන 95ක විතර පඩියක් ගෙවනවා. විශ්‍රාමවලට අමතරයව. ඒ නිසා දැන් ලොකු විමර්ශනයක් කරලා රටට බරක් නොවන රාජ්‍ය සේවකයෙක් ඇති කරන්න තමා අපි දඟලන්නේ. ඒ නිසා අපි ඉක්මනින් තහවුරු කරලා හෙට අනිද්දට ඉක්මනින් කතා කරනවා.”

 

මේ අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නතර කර ඇති බඳවා ගැනීම් යළි ආරම්භ කිරීමට මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන්කළේය.

 

Related posts

දුඹුරු සීනි ආනයනය කරන්න සූදානමක්

Mohamed Dilsad

යතුරුපැදි අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

ආනයනික බිත්තර සතොස හරහා පාරිභෝගිකයන්ට

Mohamed Dilsad

Leave a Comment