දේශීය

ආනයනික බිත්තර සතොස හරහා පාරිභෝගිකයන්ට

ඉන්දියාවෙන් ආනයනය කරන සියලුම බිත්තර පාරිභෝගික ජනතාව වෙත ලබා දීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව අවධාරණය කරයි.

 

එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කරන්නේ, දෛනිකව බිත්තර මිලියනයක් ආනයනය කරන බවය.

 

කෙසේනමුත් බේකරි සහ කර්මාන්ත සඳහා එම බිත්තර ලබාදීමට හැකියාවක් නොමැති බව ඔහු අවධාරණය කරයි.

 

දෛනිකව ලංකා සතොස හරහා බිත්තර මිලියනයක් බෙදාහැරීමේ කටයුතු ද සිදුකරන බව ඒ මහතා සඳහන් කරයි.

 

ඒ අනුව ලබන සතිය වන විට සියලුම සුපිරි වෙළෙඳසල් සඳහා ඇසුරුම් කරන ලද බිත්තර බෙදාහැරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ද ආසිරි වලිසුන්දර මහතා පවසයි.

 

සුපිරි වෙළෙඳසල්වල විකිණීමට ඇති ඇසුරුම් කරන ලද බිත්තරයක මිල රුපියල් 42ක් වන බව ද ඔහු ප්‍රකාශ කරයි.

Related posts

විභාග සඳහා පෙනී සිටින සිසුන්ට විභාග ප්‍රවේශ පත්‍රය අවසර බලපත්‍රය ලෙස යොදා ගන්න අවසර

Mohamed Dilsad

බේරුවල ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජනබලවේගයට

Editor O

රුපියල අවප්‍රමාණයවීමෙන් විදේශ ණය බර රු. බිලියන 703 කින් ඉහළට

Editor O

Leave a Comment