දේශීය

වෙඩිතැබීමකට සම්බන්ධ යුවළක් අත්අඩංගුවට

වෙඩිතැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඒ, ඊයේ (26) දින දෙහිවල බඩෝවිට ප්‍රදේශයේදී ය.

 

පුද්ගලයෙකුට වෙඩිතබා බරපතළ තුවාල සිදුකිරිමේ සිද්ධියකට සම්බන්ධ වෙඩික්කරු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

 

2023.08.19 වනදා දෙහිවල ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු අදාළ වෙඩිතැබීම සිදුකර තිබු අතර ඒ සම්බන්ධයෙන් දෙහිවල පොලීසිය විමර්ශන ආරම්භ කළේය.

 

ඒ අනුව සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු වශයෙන් හඳුනාගත් සැකකරු හා එම අපරාධය සඳහා ආධාර අනුබල දුන් ඔහුගේ බිරිඳ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

 

එහිදී ඔවුන් සන්තකයේ තිබී ජීව අත්බෝම්බයක් හා අපරාධය සඳහා භවිත කළ යතුරුපැදිය සොයාගෙන තිබේ.

 

අත්අඩංගුවට ගත් 28 හැවිරිදි සැකකරු සහ 31 හැවිරිදි සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් ගැන අනාවරණයක්

Editor O

ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත් හෙට සිට

Mohamed Dilsad

42 වන කොරෝනා මරණය

Mohamed Dilsad

Leave a Comment