දේශීය

මූල්‍ය ආයතනයක් හරහා රු කෝටි 990ක වංචාවක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මුල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රුපියල් කෝටි 990ක මුදලක් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (26) අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය, විශ්වාසය කඩකිරීම හා උපයා ගන්නා ලද මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති බව පොලීසිය පැවසයි.

 

සැකකරු මුල්‍ය ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ කොටස්හිමිකරු ලෙස කටයුතු කර තිබේ.

 

මහනුවර කැන්ඩි විව්ගාර්ඩ්න් ප්‍රදේශයේ පදිංචි සැකකරු 54 හැවිරිදි අයෙකු බව පොලීසිය තවදුරටත් සඳහන් කරයි.

Related posts

කොළඹ සිට මුබ්බායි දක්වා යාත්‍රා කරමින් තිබූ නෞකාවක ගින්නක්

Editor O

හිනිදුම පොලිසියේ නිලධාරීන් 16ක් නිරෝධායනයට

Mohamed Dilsad

ජාලිය සේනාරත්න පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරයට

Mohamed Dilsad

Leave a Comment