දේශීය

මූල්‍ය සහනයක් ගැන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සුබ පණිවුඩයක්

වයස අවුරුදු 60 ඉක්මවූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් පොලිය මත අඩුකරන ලද අත්තිකාරම් ආදායම් බද්ද ආපසු ගෙවීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

 

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති එම නිවේදනය මඟින් සඳහන් කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සුවිශේෂි මූල්‍ය සහනයක් ලබාදීමේ ක්‍රියාපිළිවෙලක් ආරම්භ කර ඇති බවය.

 

එනම් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මූල්‍ය යහපැවැත්මට සහායවීමේ අරමුණින්ය.

 

එහිදී බැංකු හෝ මූල්‍ය ආයතන විසින් පොලී ආදායම මත අඩුකරන ලද 5%ක්වු අත්තිකාරම් ආදායම් බද්ද (AIT) ඔවුන්ට ආපසු ගෙවීමේ යාන්ත්‍රණයක් දියත් කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ.

Related posts

මෙරට කොරෝනා අසාදිතයන් ගණන 34 දක්වා ඉහළට

Mohamed Dilsad

කිලෝවොට් පැයකට ශත 7 කතාව, අදානි සමාගම ප්‍රතික්ෂේප කරයි

Editor O

ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අද සිට යළි විවෘතයි

Mohamed Dilsad

Leave a Comment