දේශීය

බිරිඳව ඝාතනය කළ සැමියා සියදිවි නසා ගනී

පූගොඩ මණ්ඩාවල ප්‍රදේශයේ බිරිඳ ඝාතනය කළ පුද්ගලයෙකු ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

 

පොලීසිය ප්‍රකාශ කළේ, පවුල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු සිය බිරිඳට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බවය.

 

අනතුරුව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ විමර්ශනයේදී සැකකරු ද නිවස ආසන්න ප්‍රදේශයේ ගසක ගෙල වැලලාගෙන මියගොස් සිටියදී ඔහුගේ සිරුර ද සොයාගෙන තිබේ.

 

මියගොස් ඇත්තේ මණ්ඩාවල ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි බිරිඳ සහ 54 හැවිරිදි සැමියා බව පොලීසිය පවසයි.

Related posts

නිරෝධායන නීති කැඩු තවත් 32 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ප්‍රංශය ,ජර්මනිය ඇතුළු රටවල් කීපයකට මෙරටට පැමිණීම තහනම්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන් මාර්ගය ගැන ජනපති පැහැදිලි කරයි

Mohamed Dilsad

Leave a Comment