දේශීය

ත්‍රස්තවාදයට චෝදනා ලැබු දෙදෙනෙකුගේ නම් අසාදු ලේඛනයෙන් ඉවතට

ත්‍රස්තවාදය හා ඊට සම්බන්ධ ක්‍රියාකාරකම්වලට ආධාර අනුබලදීම හේතුවෙන් අසාදු ලේඛනගත කර සිටි පුද්ගලයින් දෙදෙනෙකු එම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

 

ඊයේ (23) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ඉවත් කිරීම සිදුකර ඇති බව වාර්තා වේ.

 

ඒ අනුව නික්ලාපිල්ලේ ඇන්තනී එමිල් ලක්ෂ්මි කාන්දන් හෙවත් රමේෂ් යන පුද්ගලයා අසාදු ලේඛනයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

 

ඔහුට එරෙහිව අන්තර්ජාතික පොලීසිය විසින් රතු නිවේදනයක් ද නිකුත් කර ඇති බව සඳහන්ය.

 

ඊට අමතරව මුරුගේසු ශ්‍රී සන්මුගරාජා යන පුද්ගලයා ද අසාදු ලේඛනයෙන් ඉවත්කිරීමට ආරක්ෂක අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

 

ත්‍රස්තවාදය සහ ඒ හා සම්බන්ධ ක්‍රියාවලට ආධාර අනුබල ලබාදීමේ චෝදනාව මත 2014 වසරේ සිට මොවුන් දෙදෙනා අසාදු ලේඛන ලැයිස්තුවට ඇතුළත්

Related posts

ආපදාවෙන් හානිවූ කර්මාන්ත හිමිකරුවන්ට විශේෂ දැනුම්දීමක්

Editor O

ග්‍රාම නිලධාරීන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත්

Mohamed Dilsad

ඉල්ලීම් 07 ක් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් විරෝධතාවක

Mohamed Dilsad

Leave a Comment