Trending News

ශ්‍රී ලංකා කණ්ඩායමේ ලොකු වෙනසක් ගැන ආරංචියක්

වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ට මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුව ඇති බව වාර්තා වෙයි.

 

ඔහුගේ ආබාධ තත්ත්වය සුව නොවීම හේතුවෙන් එම තීරණය ගෙන තිබේ.

 

ඒ අනුව මතීෂ පතිරණව ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයෙන් නිදහස් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තාක්ෂණික කමිටුවෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි.

 

මතීෂ වෙනුවට මැතිව්ස් හෝ චමීර සංචිතයට කැඳවීමට නියමිතය.

 

මේ අතර නෙදර්ලන්තය සමග පැවති තරගයේදී ආබාධයකට ලක් වූ මහීෂ් තීක්ෂණගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වෙයි.

 

ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (22) පස්වරුවේ බැංග්ලෝර් නුවරට පැමිණි අතර එහිදී මහීෂ් තීක්ෂණ ව ස්කෑන් පරීක්ෂාවකට යොමු කර තිබුණි.

 

එම වාර්තාවලට අනුව ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවවාර්තා විය.

 

Related posts

அமெரிக்காவில் 70 இடங்களில் எரிவாயு குழாய் வெடித்து தீ விபத்து

Mohamed Dilsad

வீட்டின் மீது விழுந்து நொறுங்கிய விமானம் – பெண்கள் உள்பட 6 பேர் உயிரிழப்பு (VIDEO)

Mohamed Dilsad

நாடாளுமன்றத்தில் 113 உறுப்பினர்களின் ஆதரவு-ஜனாதிபதி

Mohamed Dilsad

Leave a Comment