Trending News

ශ්‍රී ලංකා කණ්ඩායමේ ලොකු වෙනසක් ගැන ආරංචියක්

වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ට මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුව ඇති බව වාර්තා වෙයි.

 

ඔහුගේ ආබාධ තත්ත්වය සුව නොවීම හේතුවෙන් එම තීරණය ගෙන තිබේ.

 

ඒ අනුව මතීෂ පතිරණව ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයෙන් නිදහස් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තාක්ෂණික කමිටුවෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි.

 

මතීෂ වෙනුවට මැතිව්ස් හෝ චමීර සංචිතයට කැඳවීමට නියමිතය.

 

මේ අතර නෙදර්ලන්තය සමග පැවති තරගයේදී ආබාධයකට ලක් වූ මහීෂ් තීක්ෂණගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වෙයි.

 

ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (22) පස්වරුවේ බැංග්ලෝර් නුවරට පැමිණි අතර එහිදී මහීෂ් තීක්ෂණ ව ස්කෑන් පරීක්ෂාවකට යොමු කර තිබුණි.

 

එම වාර්තාවලට අනුව ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවවාර්තා විය.

 

Related posts

போராடி வென்ற ரணசிங்க பிரேமதாச [VIDEO]

Mohamed Dilsad

சுகாதார , கல்வி மற்றும் அபிவிருத்தி திட்டங்களுக்காக நிதி ஒதுக்கீடு

Mohamed Dilsad

පෙට්‍රල් ලීටරයකට රු. 72ක් බදු ලෙස අය කිරීමට ගැසට් නිවේදනයක්

Editor O

Leave a Comment