දේශීය

ශ්‍රී ලංකාවට චීන ජනපතිගෙන් පොරොන්දුවක්

ශ්‍රී ලංකාවට දේශපාලන කොන්දේසිවලින් තොරව සහායදෙන බව චීන ජනාධිපති ෂී ජින් පින් පවසා තිබේ.

 

ඒ අනුව ශ්‍රී ලංකාවට ආධාර ලබාදීමටත් අපනයනවලින් වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීමටත් චීනය කැමැත්තෙන් සිටින බවද චීන ජනපතිවරයා පෙන්වාදී ඇත.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පින් අතර අද බීජිං නුවරදී පැවැති රැස්වීමේදී චීන ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

 

ජනාධිපතිවරුන් දෙදෙනා අතර පැවැති එම හමුවේදී කලාපීය කටයුතු සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමටද එකඟවී ඇත.

 

Related posts

දඩල්ල වෙඩි තැබීමේ සැකකරුවන් අත්අඩංගුවට

Mohamed Dilsad

20 ගැන අධ්‍යයනයට පත් කළ කමිටු වාර්තාව අද ජනපතිට හා අගමැතිට

Mohamed Dilsad

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගය, කතානායකට හෙට බාර දෙනවා. – අජිත්.පී.පෙරේරා

Editor O

Leave a Comment