දේශීය

ණය ප්‍රතිව්‍යූහගතකරණය ගැන දැනුම්දීමක්

විදේශ ණය ප්‍රතිව්‍යූහගත කිරීම කෙටි කාලයක් තුළ අවසන් කිරීමට හැකිවෙතැයි විශ්වාස කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

 

කෑගල්ලේ දී ඊයේ (14) පැවති මාධ්‍ය හමුවක දී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

 

“මේකත් පහසු අයවැයක්. මොකද අපි ඉතාමත් අසීරු තැනක ඉදලා, මේ වර්ෂයෙත් පළමු කාර්තු දෙකම සෘණ ආර්ථිකයක් තිබුණේ. සංකෝචනය වුණා. බලාපොරොත්තු වෙනවා දෙවන කාර්තු දෙක යම් ආකාරයකට වෙනස් වෙයි කියලා. එතන ඉදගෙන තමයි 2024 වර්ෂය සඳහා වියදම් සහ ආදායම් තක්සේරු කරන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒ අයවැය ලේඛනයත් පහසුවෙන් සකස් කරන්න පුළුවන් කාරණයක් නෙවෙයි. ඉතාම ඉහළ මුල්‍ය කළමනාකාරිත්වයක් යොදලා. ඉතාම ඉහළ වියදම් පිළිබඳ වූ පෙළගැස්මක් සහිතව කිරීමට අපිට සිද්ධ වෙලා තියෙනවා.”

 

“අපි විශ්වාස කරනවා අපිට කෙටිකාලයක් තුළ මේ ප්‍රතිව්‍යූහගතකරණය කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් අපි දැනට සකස් කරගෙන තියෙන ඉලක්කත් එක්ක අපිට අයවැය ලේඛනය සකස් කරන්න පුළුවන්.”

 

 

Related posts

ධාවනයට එක්කරන දුම්රිය සංඛ්‍යාව හෙට සිට ඉහළ දමයි

Mohamed Dilsad

ගම්පහ ප්‍රදේශයේ පීඩාවට පත් ජනයාට රුපියල් 5000 දීමනාවක්

Mohamed Dilsad

සිපෙට්කෝ ලාබ 176%කින් පහළ වැටේ..

Editor O

Leave a Comment