දේශීය

ජීවිත අහිමි කළ මාරක අනතුරු

දිවයිනේ ප්‍රදේශ දෙකකදී සිදුවු රිය අනතුරු දෙකකින් කාන්තාවක් සහ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

පොලීසිය පැවසුවේ, දඹුල්ල – මාතලේ ප්‍රධාන මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් එලෙස මියගොස් ඇති බවය.

 

ඊයේ (11) රාත්‍රී කාලයේ කවුඩුපැලැල්ල ප්‍රදේශයේදී අනතුර සිදුව ඇත.

 

අනතුරින් තුවාල ලැබූ යතුරු පැදිකාරිය සහ යතුරුපැදියේ ගමන් ගත් අවුරුදු 4ක් වු දරුවා මාතලේ රෝහලට ඇතුළත් කිරීමේදී යතුරු පැදිකාරිය මියගොස් තිබේ.

 

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 33ක් වන පල්ලියවත්ත, මහවෙල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

 

කවුඩුපැලැල්ල ප්‍රදේශයේ අතුරු මාර්ගයකින් පැමිණි යතුරුපැදියක් ප්‍රධාන මාර්ගයට ඇතුළු කිරීමට යාමේදී අනුරාධපුර සිට මහනුවර දෙසට ධාවනය වූ බස් රථයක ගැටීටමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

 

මෘත ශරීරය මාතලේ රෝහලේ තැන්පත් කර ඇති අතර මහවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

 

මේ අතර පස්යාල – මීරිගම මාර්ගයේ පොහොන්නරුව ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් අවුරුදු 40ක් පුද්ගලයෙක් මියගොස් තිබේ.

 

පස්යාල දෙස සිට මීරිගම දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කැබ් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

 

අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු මීරිගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

 

අනතුරට සම්බන්ධ කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා මීරිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

අයිස් තිබූ ලොරියෙන් ගිනිඅවි හමුවෙයි

Editor O

වැලිකඩ බන්ධනාගරයේත් කොරෝනා ආසාදිතයින් රැසක්

Mohamed Dilsad

මෙරට සුවය ලැබු ගණන 1500 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment