දේශීය

ජනපති සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් සිදුවී තිබේ.

 

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, මීට සුළු මොහොතකට පෙර ජනාධිපති කාර්යාලයේදී එම හමුව සිදුවූ බවය.

 

ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා සිදුකර තිබේ.

 

දෙරට අතර සහයෝගීතාව ඉහළ නැංවෙන නව ද්විපාර්ශ්වික ගිවිසුම් 03කට ද එහිදී අත්සන් තබා ඇත.

 

ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා මෙරටට පැමිණ තිබේ.

 

Related posts

සයින්දමරුදු නගර සභාව ස්ථාපිත කිරීමේ ගැසට් නිවේදනය අත්හිටුවයි

Mohamed Dilsad

උසස් පොලිස් නිලධාරින්ට ස්ථාන මාරු

Mohamed Dilsad

සමූල ඝාතකයා හඳුනාගැනේ

Mohamed Dilsad

Leave a Comment