දේශීය

ශ්‍රී ලංකාව අවට සිදුවිය හැකි සමුද්‍රීය විපත් ගැන අවධානය

ඉන්දියානු සාගර කලාපයේ කාර්යබහුලම නාවික මාර්ගය ශ්‍රී ලංකාව ආශ්‍රිතව පිහිටා තිබේ.

 

ඒ හේතුවෙන් තෙල් කාන්දුවීම් නිසා ශ්‍රී ලංකාව නිරන්තරයෙන් සමුද්‍රීය විපත්වලට ගොදුරුවීමේ දැඩි අවදානමක් පවතී.

 

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසන්නේ සමුද්‍රීය පරිසරයට වන අවදානම් කළමනාකරණයට නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක භටයන් අතර සහයෝගීතාවය අත්‍යවශ්‍ය සාධකයක් වන බවය.

 

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ආපදා අවදානම් කළමනාකරණය සහ ඉන්දියානු සාගර වටද්දර සංගමයෙහි ජපානයේ කාර්යභාරය පිළිබඳ සම්මන්ත්‍රණයේ ආරම්භක දේශනය පවත්වමිනි.

 

කොළඹ ලක්‍ෂ්මන් කදිර්ගාමර් ජාත්‍යන්තර සබඳතා සහ උපායමාර්ගික අධ්‍යයන ආයතනයේදී එය පැවැත්වුණි.

 

ඉන්දියානු සාගර වටද්දර සංගමය තුළ ආපදා අවදානම් කළමනාකරණය සඳහා ජපානය විවිධ අයුරින් සිය දායකත්වය සපයයි.

 

දැනුම හුවමාරු කරගැනීම, ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීම, තාක්‍ෂණික හුවමාරු වැඩසටහන්, යටිතල පහසුකම් සංවර්ධනය සහ කලාපීය සංවිධාන සමඟ ක්‍රියාකාරීව සම්බන්ධවීම හරහා ජපානය ඉන්දියානු සාගර සංගමයෙහි සාමාජික රටවල, ආපදාවන්ට ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීමට සැලකිය යුතු දායකත්වයක් ලබාදී ඇත.

Related posts

මෙරටදී සිදුකළ PCR පරීක්ෂණ ගණන 130,000 ක්

Mohamed Dilsad

උපාධි සැමරුම් උත්සවය ගැන කොළඹ සරසවියෙන් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

කොරෝනා රෝගීන් 120ක් හදුනා ගනී

Mohamed Dilsad

Leave a Comment