දේශීය

උපාධි සැමරුම් උත්සවය ගැන කොළඹ සරසවියෙන් විශේෂ නිවේදනයක්

(UTV | කොළඹ) – 2019 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයීය උපාධි ප්‍රදානෝත්සවය ඉකුත් දවසක දී පැවැත් වුණේ, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදියි.

එම වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කරමින් නිවේදනයක් නිකුත් කළ කොළඹ විශ්වවිද්‍යාලය, මෙවන් අනුස්මරණීය අවස්ථාවක පැවතිය යුතු ගෞරවනීයත්වය හා සදාචාරය පවත්වා ගැනීමට උපකාර වූ සියලු දෙනාට ම ස්තූතිය පළ කර සිටිනවා.

ශිෂ්ට සම්පන්න හැසිරීම හා ආකල්ප පවත්වා ගැනීමෙහි ලා විශ්වවිද්‍යාලයේ සියලු ම පාර්ශවවල උපරිම කැපවීම විශ්වවිද්‍යාලය විසින් සහතික කර ඇති බවත් එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම අනර්ඝතම ගෝලීය පුරවැසියන් සමාජයට දායාද කිරීමෙහි ලා විශ්වවිද්‍යාලය සතු කීර්තිනාමය හා ගෞරවය වෙනත් පාර්ශ්වයන් විසින් වැරැදි අර්ථකථනයන්ට භාජනය කිරීම පිළිබඳ විශ්වවිද්‍යාලය විසින් සිය කණස්සල්ල ද පළ කර තිබෙනවා.

Related posts

ජනතා බදු මුදලින් නඩත්තුවෙන වාහනවලින්, පොලිස් ආරක්ෂාව යටතේ යෝෂිත මල්ලි කොළඹ ට එක්කගෙන ආපු පොලීසියට නාමල් රාජපක්ෂ ස්තුති කරයි.

Editor O

රජයට අයත් සුඛෝපභෝගී වාහන තැන තැන දමා ගොස් ඇති බවට ලැබුණු පැමිණිලිවලින්, සියයට 90%ක් ම බොරු.

Editor O

මත් ජාවාරමකට සම්බන්ධ බන්ධනාගාර නිලධාරියෙකු ඇතුළු 4ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment