දේශීය

යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටෙයි

යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයකු මියගොස් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව මිල්ලනිය පොලීසිය පවසයි.

 

ඊයේ (09) රාත්‍රියේ එම අනතුර සිදුව තිබුණේ මිල්ලනිය පොලිස් වසමේ පනාපේ පාළම අසලදීය.

 

අනතුරෙන් මියගොස් ඇත්තේ හල්තොට, යලගල ප්‍රදේශයේ පදිංචිව සිටි හිරන්ත චාමින්ද නමැති 54 හැවිරිදි පුද්ගලයකි.

 

මරණකරු කොළමැදිරිය දෙස සිට මිල්ලනිය දෙසට ගමන්කර ඇති අතර, පනාපේ පාළම අසලදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියේ මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව ඇත.

 

අනතුරින් බරපතළ තුවාල ලබා සිටී යතුරුපැදිකරුවන් දෙදෙනා සහ මරණකරුගේ බිරිඳ බණ්ඩාරගම ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇති අතර එක් යතුරුපැදිකරුවෙක් හොරණ දිස්ත්‍රික් රෝහලට මාරුකර යැවීමෙන් පසු එලෙස මියගොස් තිබේ.

 

බරපතළ තුවාල ලබා ඇති අනෙක් යතුරුපැදිකරු පානදුර මූලික රෝහලට යොමුකර ඇති බව වාර්තා වෙයි.

 

සිද්ධිය සම්බන්ධයෙන් මිල්ලනිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

Related posts

මූල්‍ය වංචාවක් නිසා රාජ්‍ය සේවයෙන් නෙරපූ පුද්ගලයෙක්, මාලිමා ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ සිටින බවට අනාවරණයක්

Editor O

ඡන්දය ප්‍රකාශ කිරීමට දැඩි උනන්දුවක්

Editor O

පාසල් සිසුවෙක්ට පහරදී ඇසකට බරපතල තුවාල කළ ගුරුවරියකට මහෙස්ත්‍රාත්වරිය ඇප දීලා

Editor O

Leave a Comment