Trending Newsඑසැන පුවත්දේශීය

පාසල් සිසුවෙක්ට පහරදී ඇසකට බරපතල තුවාල කළ ගුරුවරියකට මහෙස්ත්‍රාත්වරිය ඇප දීලා

පාසල් සිසුවෙකුට පහරදී ඇසකට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් කොටහේන පොලීසිය විසින් අත් අඩංගුවට ගත් ගුරුවරියක් රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න නියම කර තිබේ.

මෙසේ ඇප මත මුදාහැර ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ පදිංචි ගුරුවරියකි.

සැකකාර ගුරුවරිය අධිකරණයට ඉදිරිපත් කරමින් කොටහේන පොලීසිය ප්‍රකාශ කර තිබුණේ එම ගුරුවරිය පාසලේ පුස්තකාල කාමරය තුළදී අදාළ සිසුවාගෙන් ප්‍රශ්නයක් විමසා ඇති බවත් ඔහු එම ප්‍රශ්නයට පිළිතුරු නොදීම හේතුවෙන් ඇය කෝපයට පත්වී තමන් අතේ තිබූ ඇලුමීනියම් අඩිරූලකින් ඔහුට දමාගසා ඇති බවත් ය.

එම ඇලුමීනියම් අඩිරූල සිසුවාගේ දකුණු ඇසේ වැදී තුවාල වී ඇති අතර, 13 වියැති එම සිසුවා කොළඹ ජාතික අක්ෂි රෝහලේ 11 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවත් පොලීසියට අධිකරණයට දැනුම් දී තිබිණි.

Related posts

UNP Presidential candidate to be revealed next week

Mohamed Dilsad

කොරියා ජනාධිපතිගෙන් රුසියාවට පොරොන්දුවක්

Editor O

பள்ளத்தில் பேருந்து கவிழ்ந்த விபத்தில் 36 பேர் பலி

Mohamed Dilsad

Leave a Comment