දේශීය

ලබන වසරේ සිට මහ බැංකු වර්තාව පාසල්වල සාකච්ඡාවට – ජනපති

අනාගත පරපුර නවීන තාක්ෂණයෙන් මෙන්ම මූල්‍ය සාක්ෂරතාවයෙන් ද සවිබල ගන්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

 

නව ආර්ථික ක්‍රමවේද සමග 2048 වනවිට දියුණු ශ්‍රී ලංකාවක් කරා යන ගමනේදී එය අත්‍යවශ්‍ය කරුණක් බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

 

එසේම ලබන වසරේ සිට මහ බැංකු වර්තාව පාසල්වල සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවත් ඒ සඳහා ගුරුවරුන්ට හා ශිෂ්‍ය නායකයින්ට අවශ්‍ය පුහුණුව ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (31) පෙරවරුවේ මහනුවර නුගවෙල මධ්‍ය විද්‍යාලයේ පැවති තෝරාගත් පාසල් 100ක ‘ප්‍රාග්ධන වෙළෙඳපොළ සංගම්’ පිහිටුවීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමිනි.

 

පාසල් සිසුන් අතර කොටස් වෙළෙඳපොළ පිළිබඳ දැනුවත්භාවය සහ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය, සුරැකුම් හා විනිමය කොමිෂන් සභාව හා කොළඹ කොටස් හුවමාරුව එක්වී මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.

 

ඊට අදාළ අවබෝධතා ගිවිසුමට අධ්‍යාපන අමාත්‍යාශයේ ලේකම් එම්.එම්. රණසිංහ, සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් චින්තක මෙන්ඩිස්, කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජිව බණ්ඩාරනායක යන මහත්වරුන් අත්සන් තැබීය.

 

නුගවෙල මධ්‍ය විද්‍යාලයේ ප්‍රාග්ධන වෙළෙඳපොළ සංගමය පිහිටුවීමට අදාළ වරලත් සහතික පත්‍රය සහ රුපියල් ලක්ෂයක මුදල මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විදුහල්පති ධම්මික බණ්ඩාර මහතා වෙත පිළිගැන්වීය.

 

එසේම ‘ප්‍රාග්ධන වෙළෙඳපොළ සංගම්’ පිහිටුවීමට අදාළ දැනුම සම්පාදනය කෙරෙන ග්‍රන්ථ කට්ටලය ද ජනාධිපතිවරයා විසින් විෂයභාර ආචාර්ය අචිනි කණිටිවෙල මහත්මිය වෙත භාර දුන්නාය

Related posts

2020 සාපෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අදියර හෙට සිට

Mohamed Dilsad

ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණීම තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා නීතිඥ සංගම් නිලවරණය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment