දේශීය

අස්වැසුමට ලැබුණු අස්වැසුම

අස්වැසුම ප්‍රතිලාභීන් වෙනුවෙන් රුපියල් බිලියන 05ක මුදලක් මහා භාණ්ඩාගාරය මගින් බැංකු වෙත මුදා හැර තිබේ.

 

අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 08ක් සඳහා අද (28) පෙරවරුවේ එම මුදල් බැංකු වෙත නිකුත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

 

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසුවේ හෙට (29) දිනයේ දී මේ සඳහා සම්බන්ධ වී සිටින රාජ්‍ය බැංකු පද්ධතියේ නිලධාරීන් කැඳවා කිසිදු බාධාවකින් තොරව නව වැඩපිළිවෙළ අනුව ජනතාවට එම ප්‍රතිලාභ ලබාගැනීමට අවශ්‍ය තාක්ෂණික ගැටලු නිරාකරණය කිරීමට කටයුතු කර බවයි.

 

අද දිනය අස්වැසුම ප්‍රතිලාභ ගිණුම් සඳහා බැර කරන දිනයක් නොවන බැවින් අස්වැසුම විරෝධතා හා අභියායචනා පරීක්ෂණ කඩිනම් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

 

සමාජ ප්‍රතිලාභීන් ලක්ෂ 20ක් සඳහා ප්‍රතිලාභ ලබාදීමට පාර්ලිමේන්තුවේ එකඟතාව පළකර තිබේ.

 

ඒ අනුව මේ වන විට ලක්ෂ 15ක් පමණ ප්‍රතිලාභීන් පිරිසක් තෝරාගෙන ඇති බව වාර්තා වේ.

 

මේ අතර, සාවද්‍ය තොරතුරු ලබාදී යමෙක් අයුතු ප්‍රතිලාභ ලබාගෙන ඇත්නම් එම මුදල් රජයට අය කරගනිමින් ඔවුන්ට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත්සඳහන් කළේය.

 

Related posts

විදුලි අර්බුදය කඩිනමින් අවසන් කිරීමට සාකච්ඡා

Mohamed Dilsad

තරුණියක් බේරා ගැනීමට ගොස් ජීවිතයෙන් වන්දි ගෙවූ තරුණයා අද අවසන් ගමනේ

Mohamed Dilsad

මඩ පොහොර නොමිලේ කිලෝ 50 පොහොර මිටිය 1500කට

Mohamed Dilsad

Leave a Comment