දේශීය

නින්ද යෑම නිසා ජීවිතයක් අහිමිවෙයි

මහියංගනය – බදුල්ල ප්‍රධාන මාර්ගයේ මාපාකඩ ප්‍රදේශයේ සිද්ධ වු රිය අනතුරකින් තරුණයෙක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.

 

ඊයේ (27) අලුයම් කාලයේදී, මොනරාගල සිට මහියංගනය දක්වා ධාවනය වෙමින් තිබූ කැබ් රියක් රියදුරුට නින්ද යෑම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට ධාවනය වී ගසක වැදී තිබුණි.

 

එහිදී ප්‍රතිකාර සඳහා රියදුරා සහ තවත් පුද්ගලයෙක්ව රෝහල්ගත කළ අතර රියදුරා මහියංගනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

ඔහු නක්කල, මොනරාගල පදිංචිව සිටි 33 හැවිරිදි අයෙකි.

Related posts

පක්ෂ ලේකම්ගේ ලිඛිත දැනුම් දීම් පමණක් පිළිගන්නවා. ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු පත් කිරීම ගැන මැතිවරණ කොමසාරිස් කියයි.

Editor O

ගෑස් පෝලිමත් අත ළගයි

Mohamed Dilsad

තද වැසි සමඟ නාය යෑමේ අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

Leave a Comment