දේශීය

විරෝධතාවයකට එරෙහිව අධිකරණ නියෝගයක්

අද (28) දහවල් පැවැත්වීමට නියමිත විරෝධතාවයකට අදාළව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

 

විරෝධතාකරුවන් කිහිපදෙනෙකුට ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුවට අද උදෑසන 9 සිට සවස 6 දක්වා ඇතුළුවීම වළක්වාලමින් එම නියෝගය නිකුත් කර ඇත.

 

දුමින්ද නාගමුව, මුජිබර් රහුමාන්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, චරිත⁣ හේරත්, වාසුදේව නානායක්කාර, ජෝසප් ස්ටාලින් ඇතුළු වගඋත්තරකරුවන් 24කට සහ ඔවුන් සමග විරෝධයට සහභාගි වෙන පුද්ගලයින්ට අදාළව අධිකරණය එම නියෝගය නිකුත් කර තිබේ.

 

ETF, EPF කොල්ලෙට සහ අසාධාරණ බදු පැනවීම්වලට විරුද්ධව කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී එම විරෝධතාවය පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත

Related posts

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් වරයා පත්කිරීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගනිද්දී තනතුරෙන් ඉල්ලා අස්වන බව අධිකරණයට කියයි.

Editor O

ලසන්ත අලගියවන්න අත්තනගල්ලේ වැඩ බලන සංවිධායක ධුරයට

Mohamed Dilsad

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ ආරම්භක උත්සවයේ වියදම ලක්ෂ 70ක් – පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්

Editor O

Leave a Comment