විදෙස්

කළු ජාතිකයින් තිදෙනෙක් ට වෙඩි තැබූ රයන්

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ Jacksonville ප්‍රදේශයේදී පසුගිය සෙනසුරාදා (26) දිනයේ කළු ජාතිකයින් තිදෙනෙක්ට වෙඩිතබා ඝාතනය කළ පුද්ගලයා සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය වී තිබේ.

 

21 හැවිරිදි ඔහු රයන් ක්‍රිස්ටෝපර් ලෙස හඳුනා ගෙන ඇති අතර කළු ජාතිකයින් තිදෙනාව ඝාතනය කිරීමෙන් අනතුරුව ඔහුද සිය දිවි හානිකර ගෙන තිබුණි.

 

පොලීසිය පැවසුවේ සැකකරු, එලෙස කර ඇත්තේ ජාතිවාදී කරුණු සහ කළු ජාතිකයින්ට ඇති සිය විරෝධය නිසා බවයි.

 

රයන් විසින් මෝටර් රථයක ඉඳගෙන සිටි කාන්තාවකට පළමුවෙන් වෙඩිතබා වෙළෙඳසැලක් තුළ සිටි තවත් දෙදෙනෙකුට පසුව වෙඩි තැබීය.

 

සැකකරු සිය ගිනි අවිය නීත්‍යානුකූලව ලබාගෙන තිබුණි.

Related posts

අල් ජසීරා විශේෂාංගයේ විමර්ශන අතහැර දමයි

Mohamed Dilsad

සියදිවි හානිකර ගැනීම වැළැක්වීමට ෆේස් බුක් මැදිහත්වීමට සුදානම්

Mohamed Dilsad

තායිලන්තයේ උබෝන් රාජධානියේ භික්ෂුන් වහන්සේලා ඇතුළු දූත පිරිසක් පාර්ලිමේන්තුවට වැඩම කරති

Editor O

Leave a Comment