දේශීය

පළමු රන්දෝලි පෙරහර අදයි

මහනුවර ඇසළ මහා මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර අද (26) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිත ව තිබේ.

 

ඒ අනුව පළමු රන්දෝලි පෙරහර අද රාත්‍රී 07.26ට ආරම්භ වීමට නියමිතය.

 

රන්දෝලි පෙරහර දළදා වීථිය, ඩී.එස්.සේනානායක වීථීය, පන්සල පාර ඔස්සේ ඉහළට පැමිණ දේව වීථිය, කොළඹ වීථිය ඔස්සේ ගමන් කර ඊ.එල්.සේනානායක වීථියට පිවිස ඒ හරහා හරස් වීථිය ඔස්සේ ගමන් කිරීමෙන් අනතුරුව නැවත ඩී.එස්.සේනානායක වීථීයට පිවිස රජ වීථියට හැරී ඉහළට ඇවිත් ගෙවැදීමට නියමිතයි.

 

දින 05ක් පුරා පැවති කුඹුල් පෙරහරේ අවසාන පෙරහර ඊයේ (25) විථි සංචාරය කළේය.

Related posts

නාමල්ට තනතුරක්

Mohamed Dilsad

ප්‍රාථමික ශ්‍රේණි සඳහා නිවාඩු ලබා නොදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Mohamed Dilsad

විශ්වවිද්‍යාල අවට ප්‍රදේශවලට පොලිස් ආරක්ෂාව

Editor O

Leave a Comment