දේශීය

බැංකුවක මුදල් සේප්පුව කොල්ලකයි

දඹුල්ල ප්‍රධාන සමෘද්ධි බැංකු ශාඛාවේ තිබූ මුදල් ඊයේ (24) රාත්‍රියේ මංකොල්ලකා ඇති බව වාර්තා වෙයි.

 

පොලීසිය පැවසුවේ ප්‍රධාන දොරක් කඩා මෙම මංකොල්ලකරුවන් ගොඩනැගිල්ලට ඇතුළුවී ඇති බවය.

 

පිරිසිදු කිරීමට පැමිණෙන සේවිකාව අද (25) උදැසන සිය රාජකාරි සඳහා පැමිණි අවස්ථාවේ ගොඩනැගිල්ලේ පිටුපස දොර විවෘතකර තිබෙනු දැක ඒ සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන්ට දන්වා තිබේ.

 

පසුව ඔවුන් පැමිණ පරීක්ෂා කිරීමේදී බැංකුවේ මුදල් තිබූ සේප්පුව සහ ගොඩනැගිල්ලේ පිටුපස ජනේලයක යකඩ කම්බි ද යන්ත්‍රයක් යොදා කපා ඉවත්කර ඇති බව දැක ඇත.

 

පොලිස් පරීක්ෂණවලද හෙළිවී ඇත්තේ ගොඩනැගිල්ලෙන්ම විදුලිය ලබාගෙන යන්ත්‍රයක් ආධාරයෙන් මෙලෙස මුදල් තිබූ සේප්පුව කපා ඇති බවය.

 

සේප්පුවේ තිබු මුදල කොපමණද යන්න මෙතෙක් ගණන් බලා නොමැති බව වාර්තා වෙයි.

 

දඹුල්ල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරඟය නොමිලේ බලන්න

Editor O

ලසන්ත අලගියවන්න යළිත් කෝපා සභාපති ධූරයට

Mohamed Dilsad

සරසවි සිසුන්ට රැකියා

Mohamed Dilsad

Leave a Comment