දේශීය

කුණු ගොඩක තිබු පවුම් 8ක රන් භාණ්ඩ අයිතිකරුට භාරදෙයි

කුණු ගොඩක තිබු පවුම් අටක රන් භාණ්ඩ සොයා නැවත අයිතිකරුට ලබාදීමට යාපනය, චාවකච්චේරි නගර සභාවේ සනීපාරක්ෂක කම්කරුවන් පිරිසක් කටයුතු කර තිබුණි.

 

යාපනය, චාවකච්චේරි, මණ්ඩුවිල් ප්‍රදේශයේ නිවසක හිමිකරුවෙකු තමන් සතුව තිබු රන් භාණ්ඩ සොර සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීමට පරණ රෙදි කැබැල්ලක ගැට ගසා නිවසේ කුණු දමන ස්ථානයක සඟවා තබා තිබේ.

 

එහෙත් නිවැසියන් විසින් පසුගිය 20 වනදා අවදානයක් නොමැතිව අදාළ රන් භාණ්ඩ ගැට ගසා තිබු පැරණි රෙදි කැබැල්ල ද කුණු ගොඩට විසිකර ඇත.

 

පසුව ඒ පිළිබඳව මතක් වී CCTV පරීක්ෂා කිරීමේ දී නිවසේ කුණු රැගෙන ගිය ට්‍රැක්ටරය පිළිබඳ තොරතුරු සොයාගෙන තිබේ.

 

ඒ අනුව සිදුවු දේ පිළිබඳ නගර සභා සනීපාරක්ෂක සේවකයින්ට නිවැසියන් විසින් දැනුම් දී තිබුණි.

 

වහාම ක්‍රියාත්මක වු සනීපාරක්ෂක කම්කරුවන් අදාළ ස්ථානයෙන් කුණු ගෙනැවිත් දැමූ ස්ථානය පරීක්ෂා කොට රන් භාණ්ඩ ගැට ගසා තිබු රෙදි කැබැල්ල සොයාගෙන තිබේ.

 

අදාළ රෙදි කැබැල්ලේ ගැට ගසා තිබු රන් පවුම් අටක් එහි තිබි සොයා ගැනීමට හැකි ව අතර, අදාළ රන් භාණ්ඩ නැවත අයිතිකරුට ලබාදීමට නගර සභාවේ සනීපාරක්ෂක කම්කරුවන් කටයුතු කර ඇත.

 

කිසිදු වංචාවක් නොකර එම සනීපාරක්ෂක කම්කරුවන් සිදුකළ ක්‍රියාව පිළිබඳ එම ප්‍රදේශයේ ජනතාව සිය ප්‍රශංසාව පළ කර සිටියේය.

Related posts

ශ්‍රී ලංකාවට මානුෂීය ආධාරයක්

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය චෝදනා මත බස්නාහිරින් තවත් සැකකරුවන් රැසක් අත්අඩංගුවට

Mohamed Dilsad

ගොවීන්ට අවශ්‍ය පොහොර ලබාගැනීම සඳහා බිලියන 10 ක මුදලක්

Mohamed Dilsad

Leave a Comment