දේශීය

විපක්ෂයේ පොදු සන්ධානය පුළුල් කිරීමට සජබ මන්ත්‍රී කණ්ඩායමේ අනුමැතිය

සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂයේ පොදු සන්ධානය තවදුරටත් පුළුල් කිරීමට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ.

 

ඊයේ (21) පස්වරුවේ රැස්වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම එම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

 

අදාළ සන්ධානය තවදුරටත් පුළුල් කර රට අකර්මණ්‍ය කරමින් රට විනාශ මුඛයට ගෙනයන ආණ්ඩුවට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගැනීම සඳහා එහිදී යෝජනා වී තිබේ.

 

ඒ අනුව සිය සන්ධානය තුළින් පුළුල් ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණය කළ බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

 

මේ අතර රටේ පවතින වියළි කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (22) දිනයේ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමට නියමිතව තිබේ.

 

මෙම සතිය සඳහා අද දිනයේ පළමු වරට පාර්ලිමේන්තුව රැස්වන අතර පුරාවස්තු ආඥා පනත යටතේ නියෝග සහ සංචාරක කටයුතු පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිතව ඇත.

 

එම විවාදයට පෙර අද දිනයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් වියළි කාලගුණය හේතුවෙන් රට පුරා ජනතාව මුහුණ දී ඇති දුෂ්කරතා සම්බන්ධයෙන් ප්‍රශ්න කිහිපයක් යොමුකිරීමට නියමිත බව වාර්තා වේ.

Related posts

වැලිසර රෝහලේ නිරෝධායනයට ලක්කර සිටි පිරිසක් නිවෙස් වෙත

Mohamed Dilsad

කොවිඩ් රෝගීන්ට පෞද්ගලික රෝහල් වලිනුත් ප්‍රතිකාර ගන්න ඉඩ දෙන ලෙස ඉල්ලීමක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ අවධානම ගැන ඇමෙරිකාව කියන දේ

Mohamed Dilsad

Leave a Comment