දේශීය

විද්‍යුත් බස් ධාවනය ළඟදීම

විද්‍යුත් බස්රථ ධාවනය ඉදිරියේදී ආරම්භ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

 

අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසා සිටියේ එම බස් ධාවනයේ දී කොන්දොස්තරවරු අනවශ්‍ය බවය.

 

එම බස් රථවල ගමන් කළ හැක්කේ විද්‍යුත් කාඩ් පතකින් පමණක් බවත් කොළඹ නගරයේ රථ වාහන තදබදය අඩු කරගැනීමට එමඟින් හැකියාව ලබෙන බවත් ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

එහිදී වැඩිදුරයත් අදහස් දැක්වූ ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා,

 

“කොන්දොස්තරවරයෙක් නෑ මේ බස්රථවල. විශේෂයෙන්ම මේ බස්රථවල යන්න පුළුවන් විද්‍යුත් කාඩ් පතකින් පමණයි. අපි ළිං මැඬියෝ වගේ ඉන්නේ. අපි විද්‍යුත් තාක්ෂණයට යා යුතුයි. ඉදිරියේ දී බස්රථ ආයෝජනය කරන්නේ ඒ උපකරණ සමඟ. ඒ කියන්නේ බස් රථයට නැංගහම අපිට අලුතින් ටිකට් මැෂින් අවශ්‍ය නෑ. ටච් කරන්න පුළුවන් කාඩ් එක හරහා. ලංකාවේ භාවිත කරන ඕනෑම කාඩ් එකක් භාවිත කරන්න පුළුවන්. අපි විශේෂයෙන් ඉල්ලීමක් කරනවා මේ බස්රථ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට දාන්නේ කොළඹ මාර්ග තදබදය අඩුකර ගන්න. මේ කාර්වලින් යන ජනතාව බස් එකේ යන්න යොමු කරන්න. ආබාධිතයින්ට මේ බස්වල යන්න පුළුවන්. මේ බස්රථ දැම්මහම කොළඹට වාහන ඒම පිළිබඳ යම් තීරණයක් ආණ්ඩුව ගත යුතුයි.”

 

 

Related posts

කොළඹ සහ ගම්පහ ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු [PRESS RELEASE]

Mohamed Dilsad

බද්දේගම නගරයේ යෝජිත තැබෑරුමකට ජනතා විරෝධයක්.

Editor O

ලොව පුරා කොරෝනා වෛරසයෙන් සිදුවූ මරණ 37500 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment