දේශීය

වත්මන් රජයේ ප්‍රතිපත්තිය ජනපති පැහැදිලි කරයි

ණය ප්‍රශස්තකරණ කටයුතු අවසන්වූ වහාම කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයේ සාමාජිකත්වය ලබාගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

 

එමෙන්ම ආසියාන් සංවිධානයේ සාමාජිකත්වය දරණ රටවල් සමග නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කරගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමට ද බලාපොරොත්තු වන බව ජනපතිවරයා පැවසීය.

 

මෙරට ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ පැවති 56 වන “ආසියාන්” දින සැමරුම් උත්සවයට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේය.

 

ඉන්දු පැසිෆික් කලාපය පිළිබඳ ‘ආසියාන්’ සංවිධානයේ ඉදිරි දැක්ම සමග එකඟ වන අතර එය ඉදිරියට ගෙන යාමට පූර්ණ සහාය ලබාදෙන බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

 

ආසියාන් සංවිධානයේ සාමාජික රටවල් විසින් සෑම වසරකම අගෝස්තු 08 වන දින ආසියාන් දිනය සමරනු ලබයි.

 

Related posts

මහ මැතිවරණය පැවැත්වීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය [GAZETTE]

Mohamed Dilsad

කැන්ඩි කණ්ඩායමට ලකුණු 118ක ඉලක්කයක්

Mohamed Dilsad

කොළඹ කොරෝනා ප්‍රතිශක්තිය ගැන වාර්තාව ලබන සතියේ

Mohamed Dilsad

Leave a Comment