දේශීය

රිජ්වේ රෝහලේ වකුගඩු සැත්කම ගැන අලුත් කතාවක්

කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ තුන් හැවිරිදි දරුවකු වකුගඩු සැත්කමකින් පසු මියයාම සම්බන්ධයෙන් අද (09) පාර්ලිමේන්තුවේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශයක් සිදුකළේය.

 

එහි දී අමාත්‍යවරයා කියා සිටියේ, එම දරුවාගේ ඉවත් කළ එක් වකුගඩුවක් රෝහලේ අධිශීතකණයේ තිබෙන බවට ළමා රෝහලේ අධ්‍යක්ෂකවරයා ප්‍රකාශය සිදුකර ඇති බවයි.

 

එහි දී වැඩිදුටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල,

 

“ළමා රෝහලේ අධ්‍යක්ෂකවරයා ප්‍රකාශයක් කළා තාමත් තියෙනවා කියලා ඒ වකුගඩුව අධිශිතකරණවල දාලා තියෙනවා කිව්වා. හැබැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් මේ සම්බන්ධයෙන් තියෙන වාර්තාවල් ඉදිරිපත් කරන්නම්.”

Related posts

උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව විභාගවලට නව දින නියම වෙයි

Mohamed Dilsad

IDH රෝහලට ඇතුළත් කළ සිව්දෙනාට කොරෝනා වැළදී නැති බව තහවුරුයි

Mohamed Dilsad

බස්නාහිරින් පසු එන්නත්කරණය මහනුවර, කුරුණෑගල සහ රත්නපුරය යන දිස්ත්‍රික්කවල

Mohamed Dilsad

Leave a Comment