දේශීය

පිලිපීන නෞකාවකට චීනයෙන් ප්‍රහාරයක්

දකුණු චීන මුහුදේ යාත්‍රා කරමින් පැවති පිලිපීන නෞකාවකට චීන නෞකාවකින් ජල ප්‍රහාර එල්ල වී තිබේ.

 

තම වෙරළාරක්ෂක නෞකාවකට චීනය ජල ප්‍රහාර එල්ල කළ බවට පිලිපීනය චෝදනා කරයි.

 

ඔවුන්ට අනුව ප්‍රහාරයට මැදි වී ඇත්තේ, මතභේදයට තුඩු දී ඇති ස්ප්‍රිට්ලි දූපතේ රැඳී සිටින පිලිපීන හමුදාව වෙත සැපයුම් රැගෙන ගිය නෞකාවකි.

 

මතභේදාත්මක දකුණු චීන මුහුදේ දී මෙම සිදුවීම වාර්තා වී තිබුණි.

 

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පිලිපීනයේ හිතවාදී රටක් වන අමෙරිකාව ද මත පළකර ඇති අතර ඔවුන් එහිදී අවධාරණය කළේ, චීනය සිදුකළ මෙම භයානක ක්‍රියාව තරයේ හෙළා දකින බවය.

 

එමෙන්ම එහි වගකීම චීන නාවුක හමුදාව භාරගත යුතු බවටත් ඔවුන් පවසයි.

 

මතභේදයට තුඩු දි තිබෙන ස්ප්‍රිට්ලි දූපත ඇතුළු සමස්ත දකුණු චීන මුහුදු කලාපයේම බලය තමන් සතු බව චීනය පවසයි.

 

කෙසේ නමුත් පිලිපීනය මෙන්ම මැලේසියාව, වියට්නාමය, බෘෘනායි මෙන්ම තායිවානය ද මෙම කලාපයට හිමිකම් කියයි.

 

කලාපය තුළින් නිරන්තරයෙන් මෙවන් සිදුවීම් වාර්තා වන්නේ මේ හේතුවෙනි.

 

කෙසේ නමුත් පිලිපීනයේ චෝදනාව සම්බන්ධයෙන් චීනය තවමත් ප්‍රතිචාර දක්වා නොමැත.

 

 

Related posts

මනූෂ සහ හරීන් ඇමති තනතුරුවලින් ඉල්ලා අස්වෙයි

Editor O

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම ඔක්තෝබර් 10 දක්වා දීර්ඝ කරයි.

Editor O

අභාවප්‍රාප්ත තොණ්ඩමන්ගේ අවසන් කටයුතු අද

Mohamed Dilsad

Leave a Comment