Trending Newsඑසැන පුවත්දේශීය

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම ඔක්තෝබර් 10 දක්වා දීර්ඝ කරයි.

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලය ඔක්තෝම්බර 10 වනදා මධ්‍යම රාත්‍රි 12.00 දක්වා දීර්ඝ කර තිබෙන බව මැතිවරණ කොමිසම පවසයි. අද (08) මධ්‍යම රාත්‍රී 12.00 න් අවසන් වීමට නියමිතව තිබූ එම කාලය මෙසේ දීර්ඝ කර තිබේ.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, තැපෑලේ දී සිදුවිය හැකි ප්‍රමාද වීම් සහ කොමිෂන් සභාව වෙත කරනු ලැබූ ඉල්ලීම් සැලකිල්ලට ගෙන මෙලෙස අයදුම්පත් භාරගැනීමේ කාලය දීර්ඝ කළ බවයි. ඒ අනුව, අයදුම්පත්‍ර භාර ගැනීම අවසන් දිනයේ දී එනම්, 2024 ඔක්තෝබර් මස 10 දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර ඒවා අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ලැබිය යුතු බව එම නිවේදනයේ සඳහන්.

අයදුම්පත්‍ර ලැබීමේ දී සිදු විය හැකි ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා 2024 ඔක්තෝබර් මස 09 සහ 10 දෙදින තුළ සම්පූර්ණ කරන තැපැල් ඡන්ද අයදුම්පත්‍ර තැපෑලට භාර දීමෙන් වැළකී ඒවා එක් එක් දිස්ත්‍රික් අනුව වෙන්කර වෙන වෙනම කවර වල බහා සහතික කිරීමේ නිලධාරී කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට අතින් ගෙනවිත් භාරදීමට කටයුතු කිරීම වඩාත් යෝග්‍ය බව දන්වා ඇත. එමෙන්ම කිසිදු හේතුවක් මත මෙම දිනය නැවත දීර්ඝ නොකරනු ලබන බව ද සමන් ශ්‍රී රත්නායක වැඩිදුරටත් සිය නිවේදනයෙන් දැනුම් දී තිබේ.

Related posts

China imposes gaming curfew for minors

Mohamed Dilsad

சவுதி அரேபியாவில் 30 ஆண்டுகளாக தூங்காத நபர்

Mohamed Dilsad

North-East monsoon getting established over the island – Met. Department

Mohamed Dilsad

Leave a Comment