දේශීය

රජයේ පාසල් රැසක් අද විවෘත කෙරේ

පුර්ණ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රවේද යටතේ බස්නාහිර පළාත සහ හුදකලා කරන ලද පොලිස් බලප්‍රදේශවල පිහිටි පාසල් හැර අනෙක් ප්‍රදේශවල පිහිටි සියලු රජයේ පාසල් වල 6 සිට 13 වන ශ්‍රේණී දක්වා අද (23) විවෘත කෙරේ.

මෙහිදී සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ සහ මාර්ගෝපදේශවලට අනුව දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරමින් පාසල් විවෘත කරන ලෙස සියලු පළාත්, කලාප, කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට සහ විදුහල්පතිවරුන් වෙත දැනුම් දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මේ අනුව පාසල් තුළට ඇතුළු වීමේ දී ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම, දෑත් පිරිසිදු කරන ස්ථානයන් සෑම පාසලකම පාහේ සකස් කර තිබිය යුතු අතර, පන්ති කාමර තුළ ද දුරස්ථභාවයෙන් යුතුව දරුවන්ට අධ්‍යාපනය ලැබීමට හැකියාව සලස්වා තිබිය යුතුය.

අද සිට පාසල් 5100කට ආසන්න සංඛ්‍යාවක් විවෘත කෙරෙනු ඇත.fe

ප්‍රාථමික ශ්‍රේණි දරුවන් වෙනුවෙන් පාසල් ආරම්භ කිරීම සම්බන්ධව ද ඉදිරියේදී තීරණයක් ගැනීමට නියමිතය.

එක් එක් පාසල් වෙත ශිෂ්‍ය සංඛ්‍යාව පාදක කරගනිමින් සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාවලිය පවත්වාගෙන යාම සඳහා ප්‍රතිපාදන ලබාදීමට ද පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්යංශය සඳහන් කරයි.

ඒ අනුව රුපියල් බිලියන 105.812 ක් පාසල් වෙත ලබාදීමට දැනටමත් පියවර ගෙන ඇති බව ද, පිරිවෙන් සහ විද්‍යාපීඨ ඇතුළු අනෙකුත් අධ්‍යාපන ආයතන වෙත මීට පෙර ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කර ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

සිසුන් 100ට අඩු පාසල් සඳහා රුපියල් 8,000ක මූල්‍ය ප්‍රතිපාදන ද, 200 ට අඩු පාසල් සඳහා රුපියල් 10,000 බැගින් ද, 200ට වැඩි පාසල් සඳහා රුපියල් 12,000 බැගින්ද මේ යටතේ ප්‍රදානය කරනු ඇත.

 

 

Related posts

අද විදුලි කප්පාදුවක් නැහැ – ලංවිම

Mohamed Dilsad

ඇඳිරි නීතිය පිලිබඳ නවතම නිවේදනය [RELEASE]

Mohamed Dilsad

බාලිකා විදුහල් දෙකකට බලෙන් ඇතුළු වූ සිසුන් නිදහස්[UPDATE]

Mohamed Dilsad

Leave a Comment