දේශීයප්‍රමුඛ පුවත 1

පොලිස් වසම් කිහිපයක් හුදකලා බවින් මුදා හරී

(UTV |කොළඹ) – හුදෙකලා තත්ත්වයට පත් කර තිබූ බස්නාහිර පළාතේ පොලිස් වසම් කිහිපයක් අද අලුයම වීවෘත කරනු ලැබූ බව පොලිසිය පවසයි.

ඒ අනුව මෙතෙක් හුදෙකලා කර තිබූ කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 17න් බොරැල්ල, වැල්ලම්පිටිය, කොළඹ කොටුව, කොම්පඤ්ඤවීදිය යන පොලිස් වසම් වීවෘත කර තිබේ.

නමුත් බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම සහ කොම්පඤ්ඤවීදියේ වෑකන්ද ග්‍රාම නිලධාරී වසම නැවත දැනුම් දෙන තුරු හුදකලා කර ඇති බව පොලීසය සඳහන් කරයි.

කොළඹ දිස්ත්‍රික්කයේ මේ වනවිට හුදකලා කර ඇති මට්ටක්කුලිය, මෝදර, බ්ලුමැන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, වෙරළබඩ, ආදුරුප්පුවීදිය, මාළිගාවත්ත,දෙමටගොඩ,කෙසෙල්වත්ත,මරදාන,පිටකොටුව හා වේල්ලවීදිය තවදුරටත් පවතින්නේ හුදකලා කර ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයේ ජා ඇල හා කඩවත යන පොලිස් වසම් පමණක් අද උදෑසන 05.00 ට හුදකලා තත්වයෙන් මුදාහරිනු ලැබුවේය.

ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව,රාගම,වත්තල, පෑලියගොඩ හා කැළණිය පොලිස් වසම් තවදුරටත් හුදකලා තත්ත්වයෙන් පවතින බවයි පොලිසිය පවසයි.

මේ අතර, කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම පොලිස් වසමේ බෝගහවත්ත,බමුණුමුල්ල (මුස්ලිම්) ග්‍රාමනිලධාරී වසම, කිරිමන්තුඩාව, කොරාවල,අටලුගම බටහිර ග්‍රාමනිලධාරී වසම මෙන්ම බමුණුමුල්ල හා ගලගහමණ්ඩිය ග්‍රාම නිලධාරී වසම් අළුතින් හුදකලා ප්‍රදේශ බවට පත් කර තිබේ.

Related posts

තවත් ප්‍රදේශ කිහිපයකට හෙට සිට ඇඳිරි නීතිය

Mohamed Dilsad

ස්වර්ණාභරණ තොගයක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

වසර තුනකට පසු පරාක්‍රම සමුද්‍රයේ වාං දොරටු සියල්ලම විවෘත කරයි

Mohamed Dilsad

Leave a Comment