දේශීය

කැන්ඩි කණ්ඩායමට සුපිරි ජයක්

LPL තරගාවලියේ දඹුල්ල කණ්ඩායමට එරෙහිව අද පල්ලෙකැලේදී පැවති තරගය කඩුලු 7කින් ජයගැනීමට කැන්ඩි කණ්ඩායම සමත්විය.

 

එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 156ක් රැස්කරගත්තේය.

 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැන්ඩි කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 3ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 160ක් රැස්කරගමින් තරගයේ ජය හිමිකරගත්තේය.

 

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ දිනේශ් චන්දිමාල් පන්දු 29කදී හතරේ පහර 7ක් සමග ලකුණු 48ක් රැස්කළේය.

 

 

Related posts

2020 පළමු පාසල් වාරය අද ඇරඹේ

Mohamed Dilsad

පොහොට්ටුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම සැප්තැම්බර් 02දා

Editor O

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ශක්තිමත් කිරීමට වත්මන් ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැහැ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment