දේශීය

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන තීරණාත්මක තීරණ කිහිපයක්

ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත (NMRA) සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභා පනත (SLMC) සම්පූර්ණයෙන්ම අහෝසි කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

 

සෞඛ්‍ය ක්ෂේත්‍රයට වඩාත් විවෘත හා සාධාරණ වෙළෙඳපොළකට ඉඩ සැලසීම සඳහා එම තීරණය ගන්නා බව ඔහු තවදුරටත් පැවසීය.

 

විද්‍යා විෂය ධාරාව පමණක් නොව සියලුම විෂය ධාරාවන් හැදෑරූ සිසුන්ට හෙද වෘත්තීය විවෘත කිරීමට ද තමා අදහස් කරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

 

අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව තුළ ඖෂධ පරීක්ෂාව සඳහා ‘Benchmark 4’ නම් ලොව ඉහළම පිළිගැනීමක් ඇති නවීන රසායනාගාර පහසුකම් මෙරට තුළ ස්ථාපිත කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මගපෙන්වීම අපේක්ෂා කරන බවය.

Related posts

චීනයෙන් හා දකුණු කොරියාවෙන් මෙරටට පැමිණෙන පිරිස් විශේෂ පරීක්ෂණයකට

Mohamed Dilsad

ලිහිල් වන සංචරණ සීමා

Mohamed Dilsad

සියලුම පාසල්වල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

Mohamed Dilsad

Leave a Comment