දේශීය

නෝර්වේ තානාපති කාර්යාලය අද සිට වැසේ

මෙරට නෝර්වේ තානාපති කාර්යාලය අද (31) සිට වසා දැමීමට නියමිතව ඇත.

 

නොර්වේ රජය පසුගියදා නිවේදනය කර තිබුණේ විදෙස් රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල ජාලයේ සිදුකරන ව්‍යුහාත්මක වෙනස්කම් හේතුවෙන් මෙම පියවර ගන්නා බවය.

 

ඒ අනුව අද සිට කොළඹ පිහිටි මෙරට නෝර්වේ තානාපති කාර්යාලයේ රාජකාරී කටයුතු අත්හිටුවීමට නියමිතය.

 

වැඩිදුරටත් වාර්තා වන්නේ ඉන්පසුව ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ද්විපාර්ශ්වික සබඳතා සඳහා අවශ්‍ය කටයුතු ඉන්දියාවේ නවදිල්ලි නුවර නෝර්වේ තානාපති කාර්යාලය මගින් සිදුකිරීමට නියමිත බවය.

 

ඊට අමතරව Slovakia, Kosovo සහ Madagascar යන රාජ්‍යයන්වල පිහිටි තානාපති කාර්යාලවල රාජකාරී කටයුතු ද මේ වසරේ දී අත්හිටුවීමට නියමිත බවද නොර්වේ රජය වැඩිදුරටත් නිවේදනය කර තිබේ.

Related posts

අධ්‍යාපනයේ සිදුකිරීමට බලාපොරොත්තු වන වෙනස්කම් ගැන ජනපති පහදයි

Mohamed Dilsad

රිෂාඩ් සහ සහෝදරයා නිදහස් කරන්නැයි ඉල්ලමින් උතුරේ දෙවන දිනටත් විරෝධතා [VIDEO]

Mohamed Dilsad

නුදුරේදී යළිත් ගෑස් හිඟයක් නෑ

Mohamed Dilsad

Leave a Comment