දේශීය

ලෝක නායකයින්ගේ සහාය ගැනීම එක්තරා කලාවක් – මෛත්‍රී

ලෝකයේ සියලු රාජ්‍ය නායකයින්ගේ සහයෝගය ලබාගැනීම එක්තරා කලාවක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

 

අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ බණ්ඩාරනායක මැතිණියගෙන් පසු ලෝකයේ සෑම රටක් සමගම දැඩි සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය එකම රාජ්‍ය නායකයා තමන් බවය.

 

“ADB වෙන්න පුළුවන්, IMF වෙන්න පුළුවන්, World Bank වෙන්න පුළුවන්, ජපන් ජයිකා වෙන්න පුළුවන් ඒ හැමගෙන්ම උදව් ගැනීමත් ලෝකයේ සියලු රාජ්‍ය නායකයින්ගෙන් සහයෝගය ගැනීමත් එක්තරා කලාවක්, ඒක එක්තරා විද්‍යාවක්, මම ආඩම්බරයෙන් කියනවා මම බය නැතුව ඕන කෙනෙක් එක්ක තර්ක කරන්න ලෑස්තියි, ඔප්පු කරලා පෙන්න ලෑස්තියි. බණ්ඩාරනායක මැතිණියගෙන් පස්සේ මම තමයි ලෝකයේ සෑම රටක් එක්කම දැඩි සම්බන්ධ තාවයක් තියාගෙන රට ගොඩ ගන්න ඒ අයගෙන් උදව් ගත්තේ. රුසියාවත් එහෙමයි, චීනයත් එහෙමයි, අමෙරිකාවත් එහෙමයි, යුරෝපයත් එහෙමයි, ඉන්දියාවත් එහෙමයි, ජපානයත් එහෙමයි, ජර්මනියත් එහෙමයි, ඉතින් ඒ සහායෝගය ගන්න එකේ යම් කිසි ක්‍රමයක් තියෙනවා. ලංකාවේ ඉන්න ඉහළම දේශපාලකයින් පිළිබඳව තානාපති කාර්යාලවල ෆයිල් එකක් තියෙනවා.”

Related posts

ඊයේ ආසදිතයින්ගෙන් 10දෙනෙක් නාවිකයින්

Mohamed Dilsad

ආසන වෙන් කිරීමේ කටයුතුවලින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඉවතට

Mohamed Dilsad

අත්‍යවශ්‍ය ඖෂධ 237 ක හිගයක්

Mohamed Dilsad

Leave a Comment