දේශීය

නඳුන් චින්තක හෙවත් හරක් කටා ගැන අධිකරණ නියෝගයක්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස හඳුනාගෙන ඇති නඳුන් චින්තක නොහොත් “හරක් කටා” ඔක්තෝබර් මස 6 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

 

කොළඹ මහාධිකරණ විනිසුරුවරයා විසින් අද (26) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත එම නියෝගය ලබාදුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය.

 

නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී ගිනිඅවියක් පෙන්වා මරණීය තර්ජන කර නිවසේ හිමිකරු සතු රුපියල් 20,000ක මුදලක් හා මෝටර් රථයක් කොල්ලකෑම සම්බන්ධයෙන් ද විත්තිකරුට චෝදනා එල්ල වී තිබුණි.

 

මේ වනවිට මියගොස් සිටින හර්ෂ යසස්ශ්‍රී ජයම්බීර නමැත්තා සමග 2015 ජුනි මස 10 වනදා මුල්ලේරියාවේ පිහිටි අනුර පාලිත පෙරේරා නමැත්තාගේ නිවසට කඩාවැදී ගිනිඅවියක් පෙන්වා මරණීය තර්ජන කර එම මංකොල්ලය සිදුකර ඇතැයි පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

 

ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ලබාගත් රැඳවුම් නියෝග මත විත්තිකරුව මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බවට ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගෙන විනිසුරුවරයා විසින් එම නියෝගය නිකුත් කර තිබේ.

 

Related posts

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිවේදනයක්

Mohamed Dilsad

සෞඛ්‍ය සේවක වැඩ වර්ජනය සිව්වන දිනටත්

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

Mohamed Dilsad

Leave a Comment