දේශීය

රාජකුමාරි පිළිබඳ මරණ පරීක්ෂණයේ තීන්දුවට දින දෙයි

පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය බව කියන ආර්. රාජකුමාරි නමැති කාන්තාවගේ මියයෑමට අදාළ මරණ පරීක්ෂණයේ තීන්දුව අගෝස්තු මස 25 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

 

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (26) එම නියෝගය සිදුකළේය.

 

වැලිකඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇය එලෙස සැකසහිත ලෙස මියගොස් තිබුණි.

 

මෙම පරීක්ෂණය අද (26) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

 

ඒ අනුව මෙම මරණ පරීක්ෂණයට අදාළව විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ළමාහේවා මහතාගේ මෙහෙයවීමෙන් පැවති සාක්ෂි විභාගය අද අධිකරණය හමුවේ අවසන් කෙරුණි.

 

ඉන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කළේය.

 

 

Related posts

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

Mohamed Dilsad

කොවිඩ් ආසාදිත 38 හැවිරිදි පුද්ගලයෙක් මරුට

Mohamed Dilsad

ලීට්‍රෝ ගෑස් මිල ගැන සමාගමෙන් නිවේදනයක්

Editor O

Leave a Comment