දේශීය

ජනපතිගේ සර්ව පාක්ෂික සමුළුව ගැන සජබය සහ ජවිපෙ ගත් තීරණය

ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (26) සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

 

මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් සහ ස්වාධීන කණ්ඩායම් නායකයින් වෙත ඇරයුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

 

එම සර්වපාක්ෂික සමුළුවේදී ජාතික සංහිඳියා වැඩසටහන සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිතය.

 

අදාළ සාකච්ඡාවට සම්බන්ධවීම සම්බන්ධයෙන් හෙට දිනයේ තීරණය කරන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා පවසයි.

 

ජනාධිපතිවරයා විසින් කැඳවා ඇති සමුළුවට ජනතා විමුක්ති පෙරමුණ සහභාගී නොවන බව සුනිල් හදුන්නේතිති මහතා පවසයි.

Related posts

ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡාවට වෘත්තීය සමිති අද රැස්වෙයි

Mohamed Dilsad

කොවිඩ් රෝගීන්ට පෞද්ගලික රෝහල් වලිනුත් ප්‍රතිකාර ගන්න ඉඩ දෙන ලෙස ඉල්ලීමක්

Mohamed Dilsad

සති අන්තයේ සංචරණය සීමා දැඩි කෙරේ

Mohamed Dilsad

Leave a Comment