දේශීය

නීතිවිරෝධී පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වටලයි

අනුමැතියකින් තොරව දෙහිවල ප්‍රදේශයේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

දෙහිවල පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

 

අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ ලියාපදිංචියකින් තොරව දෙහිවල මල්වත්ත ප්‍රදේශයේ මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇත.

 

අදාළ මධ්‍යස්ථානයේ පහසුකම්ද ඉතා අවම මට්ටමක පැවති බව පොලිසිය වාර්තා කරන අතර, වැටලීම සිදුකරන අවස්ථාවේ අදාළ පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ පුද්ගලයන් 34 දෙනෙකු රඳවා සිට ඇති බව වාර්තා වෙයි.

 

මාසිකව එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 30,000ක මුදලක් මෙම මධ්‍යස්ථානය මඟින් අයකර ඇති බවද සඳහන්ය.

Related posts

හයර් දුවන ත්‍රිරෝද රියදුරන්ට පොලිසියෙන් පණිවිඩයක්

Mohamed Dilsad

අඛණ්ඩව තෙවන දිනටත් දෛනික ආසාදිතයන් 900 සීමාව ඉක්මවයි

Mohamed Dilsad

”අරගලය නතර කරන්නේ නැහැ” – මහින්ද ජයසිංහ

Mohamed Dilsad

Leave a Comment