දේශීය

කාන්තාවක් දුම්රියේ ගැටෙයි

මරදාන සිට දකුණු කළුතර බලා ධාවනයවූ අංක 716 මන්දගාමී දුම්රියේ ගැටී කාන්තාවක් මියගොස් තිබේ.

 

පානදුර සහ එගොඩඋයන දුම්රිය ස්ථාන අතර දී මෙම අනතුර සිදුවී ඇත.

 

පානදුර දකුණු පොලීසිය පැවසුවේ මෙම කාන්තාව අපරික්ෂාකාරී ලෙස දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමේදී දුම්රියේ ගැටී ඇති බවය.

 

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 60ක් පමණ වයසැති කාන්තාවක් බවත් ඇයගේ අනන්‍යතාවය මෙතෙක් හඳුනාගෙන නොමැති බවත් පොලීසිය පවසයි.

 

පානදුර දකුණු පොලීසිය මේ සම්බන්යෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

සංචාරක ක්ෂේත්‍රයට නව මාර්ගෝපදේශ

Mohamed Dilsad

ඉතිහාස පොතේ ඉතිහාසය නෑ. බුද්ධාගම පොතේ බුද්ධාගම නෑ. සිංහල පොතේ සිංහල නෑ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන්නේ මේකද ..? – ආචාර්ය චන්න ජයසුමන

Editor O

සුනඛයෙක්, මෝටර් රථයක ගැටී මියයෑමේ සිද්ධියේ, මෝටර් රථය පැදවූ කාන්තාව රිමාන්ඩ්

Editor O

Leave a Comment