දේශීය

කාන්තාවක් දුම්රියේ ගැටෙයි

මරදාන සිට දකුණු කළුතර බලා ධාවනයවූ අංක 716 මන්දගාමී දුම්රියේ ගැටී කාන්තාවක් මියගොස් තිබේ.

 

පානදුර සහ එගොඩඋයන දුම්රිය ස්ථාන අතර දී මෙම අනතුර සිදුවී ඇත.

 

පානදුර දකුණු පොලීසිය පැවසුවේ මෙම කාන්තාව අපරික්ෂාකාරී ලෙස දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමේදී දුම්රියේ ගැටී ඇති බවය.

 

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 60ක් පමණ වයසැති කාන්තාවක් බවත් ඇයගේ අනන්‍යතාවය මෙතෙක් හඳුනාගෙන නොමැති බවත් පොලීසිය පවසයි.

 

පානදුර දකුණු පොලීසිය මේ සම්බන්යෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට පත්වීමට පෙර කළ ප්‍රකාශය

Editor O

අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

නව ජනපති දිවුරුම්දෙයි

Mohamed Dilsad

Leave a Comment