Trending Newsඑසැන පුවත්දේශීය

සුනඛයෙක්, මෝටර් රථයක ගැටී මියයෑමේ සිද්ධියේ, මෝටර් රථය පැදවූ කාන්තාව රිමාන්ඩ්

මාර්ගයේ සිටි සුනඛ ධේනුවක් මෝටර් රථයක ගැටී මියයෑමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවක් ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

සැකකාර කාන්තාව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර , සැකකාර කාන්තාව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කළේය. .

ඉකුත් 14 වැනිදා පන්නිපිටිය අඹගස්දූව ප්‍රදේශයේදී අදාළ කාන්තාව හිතා මතාම සිය මෝටර් රථයට යට කර එම සුනඛ ධේනුව ඝාතනය කර ඇති බව සීසීටීවී දර්ශනවලින් නිරීක්ෂණය වී ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

එකී සුනඛ ධේනුවගේ මරණය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් කොට්ටාව පොලීසියට කළ පැමිණිල්ලකට අනුව ඒ පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

Related posts

எதிர்வரும் நாட்களில் இடியுடன் கூடிய மழை

Mohamed Dilsad

“புதிய இலங்கை கணக்காய்வு நியமங்கள் நோர்டிக் (NORDIC) நாடுகளின் மாதிரியைக் கொண்டுள்ளது” அமைச்சர் ரிஷாட் பதியுதீன்!!

Mohamed Dilsad

நாளை 9 மணி முதல் நீர் விநியோகம் தடை

Mohamed Dilsad

Leave a Comment