දේශීය

අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තිදෙනෙකු වත්තල කුඩා දණ්ඩාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

 

පොලිසිය පවසන්නේ, ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 217කට ආසන්න ප්‍රමාණයක් සොයාගත් බවයි.

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් 26, 32, හා 36 යන වයස් සීමාවල පසුවන හැඳල සහ වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බව වාර්තා වෙයි.

 

සැකකරුවන් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 07ක රැඳවුම් නියෝග ලබා ගෙන ඇත.

Related posts

ගලේවෙල අට හැවිරිදි පිරිමි දරුවාගේ ඝාතකයා රිමාන්ඩ්

Mohamed Dilsad

ව්‍යාජ ලිපියක් සම්බන්ධයෙන් IOC සමාගමෙන් නිවේදනයක්

Mohamed Dilsad

ආපදා සහන ලබා ගැනීමට අවශ්‍ය අය, ඇමතිය යුතු දුරකථන අංක මෙන්න

Editor O

Leave a Comment