දේශීය

ගලේවෙල අට හැවිරිදි පිරිමි දරුවාගේ ඝාතකයා රිමාන්ඩ්

(UTV | ගලේවෙල) – ගලේවෙල පත්කොලගොල්ල ප්‍රදේශයේ අට හැවිරිදි කුඩා පිරිමි දරුවෙකු අපයෝජනයට ලක් කොට ඝාතනය කළ බවට සැකපිට අත්අඩංගුවට පත් සැකකරු හෙට (04) දක්වා බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ඊයේ (02) පස්වරුවේ නියෝග කළේය.

සැකකරු මානසික වෛද්‍යවරයෙකු හමුවට යොමුකර වාර්තාවක් ලබාගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙලෙස බන්ධනාගාර ගත කරනු ලැබූ සැකකරු ගලේවෙල – පත්කොලගොල්ල ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙක්.

Related posts

රත්නපුරයේ ඖෂධහල් සහ අතවශ්‍ය වෙළඳසැල් පමණක් විවෘත කරන්නැයි උපදෙස්

Mohamed Dilsad

දුම්රිය ගමන් වාර සංඛ්‍යාව හෙට සිට වැඩි කිරීමට තීරණයක්

Mohamed Dilsad

රාජ්‍ය ඖෂධ සංස්ථාවට ඩොලර් මිලියන 25 ක ණයක්

Mohamed Dilsad

Leave a Comment